13 හැවිරිදි දැරියක අපහරණය කර, බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබෙනවා.
පසුගිය ජනවාරි 23 වැනිදා කොටුව පොලිස් වසමේ, ගාලු මුවදොර පිටියේදී වයස අවුරුදු 13 ක දැරියක් අපහරණය කර, බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත, අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙමින් පවතින බවයි සඳහන් වන්නේ.
සැකකරුගේ සිත්තම් කරන ලද ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071-8591560 හෝ 011-2432635 යන දුරකථන අංක ඔස්සේ කොටුව පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය විසින් ඉල්ලා සිටින්නේ.
අදාළ සැකකරුගේ ඡායාරූපය හා නිවේදනය පහතින්.




