Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : පහුගිය කාලේ පාර්ලිමේන්තුවෙත් කෑගැහුවා, අර කැබ් එකක් තිබුණා, 'ඒ ෆයිල් කෝ, ෆයිල් කෝ' කියලා.

00:05 : ඊට පස්සේ ඇහුවා 'දැන් ඕගොල්ලෝ කිව්වා විතරයි, කෝ දඬුවම් දෙන්නේ නැහැ නේ' කියලා.

00:09 : ඒක නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ 'ඒවා අපි අවශ්‍ය කරන විදිහට කරන්නම්, හැබැයි අල්ලද්දී නම් කෙඳිරිගාන්න එපා' කියලා. දැන් කවුරුත් ඒවා අහන්නේ නැහැනේ.

00:16 : ෆයිල් ගැන අහන්නෙත් නැහැ, දඬුවම් කරනවාද නැද්ද කියලා අහන්නෙත් නැහැ. එතකොට ඒ අසනීපය දැන් සුව වෙලා තියෙන්නේ.

00:21 : විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ කරන කල්ලි කණ්ඩායම්, ඔබ දන්නවා ඒකට මේ ආණ්ඩුව සැලකිය යුතු මැදිහත්වීමක් කරමින් තියෙනවා.

00:28 : විදේශගත වෙලා ඉන්න සැලකිය යුතු ප්‍රමාණයක් අපි ලංකාවට ගෙනෙමින් තියෙනවා. සැලකිය යුතු ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම් වෙනවා. ඒ වගේම ඔවුන්ට නඩු පැවරීම් තියෙනවා.

00:35 : නමුත් ඔබ දන්නවා මේක පද්ධතියක්. මොකද මේවා වුණේ එක පැත්තකින් දේශපාලඥයෝ, ඊළඟට අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය - ඔය තුනම එකිනෙකට දම්වැලක් ලෙස සම්බන්ධයි නේ.

00:44 : හැබැයි දැන් දේශපාලනය මේකෙන් අපි ගලවලා තියෙනවා.