Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, 2026 සැප්තැම්බර් 24 සිට 2026 ඔක්තෝම්බර් 03 දක්වා නර්තනය (දේශීය හා භරත), සංගීතය (පෙරදිග, කර්ණාටක හා බටහිර), නාට්‍ය හා රංග කලාව (සිංහල / දෙමළ / ඉංග්‍රීසි) යන විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම, ඉංජිනේරු තාක්ෂණවේදය 2026 සැප්තැම්බර් 30 සිට 2026 ඔක්තෝම්බර් 10 දක්වාත්, ගෘහ ආර්ථික විද්‍යාව 2026 ඔක්තෝම්බර් 10 සිට 2026 ඔක්තෝම්බර් 20 දක්වාත්, ජෛව පද්ධති තාක්ෂණවේදය 2026 ඔක්තෝම්බර් 17 සිට 2026 ඔක්තෝම්බර් 21 දක්වාත් පැවැත්වීමට නියමිත බවද සඳහන් වෙනවා.

ඉහත විෂයයන්ට අදාළ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයදුම්පත්වල සඳහන් ලිපිනවලට ද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙන සේ තැපෑල මගින් යැවීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර සිට ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.