Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : වෘත්තීය සමිති වලට උද්ඝෝෂණ කරන්න, වැඩ වර්ජන කරන්න, විරෝධතා දක්වන්න ඇති තරම් ඉඩ තියෙනවා.

00:07 : ඒ අයිතිය ඒගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ තමන්ගේ උවමනාවන් වෙනුවෙන්.

00:10 : ඉතින් අවසාන වශයෙන්, ඒවා අපි සාකච්ඡා මට්ටමින්, මේ අවුරුදු දෙකේදී ආපු ඔක්කොම විසඳගෙන තියෙන්නේ, සියලු ක්ෂේත්‍රවලදීම.

00:15 : ඉතින් අපි විශ්වාස කරනවා දුම්රිය වර්ජනයත් සාකච්ඡා මගින් අපිට විසඳගන්න පුළුවන් කියලා.

00:20 : ඒ යම් යම් කටයුතු කිව්වේ, අපි අධිකරණයේ සහ නීතියේ ආධිපත්‍යයට ඇඟිලි ගහන්නේ නැහැ කියන එක ඒ කිව්වේ.

00:25 : එතකොට ඔය අපරාධ කරපු අය, මුදල් වංචා කරපු අය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ඔක්කොම සිද්ධ වෙන්නේ අපේ මැදිහත්වීමකින් නෙමෙයි කියන එක.

00:33 : ඔය 'ඇස් පියාගෙන ඉන්නවා' කියලා කිව්වේ ඒක තමයි.

00:36 : ඒ කියන්නේ, දැන් අපි හිතමු නාමල් කියලා. නාමල්ව අල්ලලා ඉවරවෙලා ඇතුළට දාන්න ඕන කියලා ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ.

00:42 : එතකොට ඒවා අධිකරණ ක්‍රියාවලියක් හරහා තමයි සිද්ධ වෙන්නේ.