00:00 : මේක තමයි මේ ආණ්ඩුවේ ක්‍රමය. තමන්ට අභියෝගයක්, තර්ජනයක් තියෙන එක්කෙනෙක්ව දැක්ක ගමන් නඩු දානවා. ඒක අලුත් දෙයක් නෙවෙයි.
00:05 : ජනතාවට උපරිම නායකත්වය දෙන්න ඕන තැනදී අපේ පක්ෂය දෙනවා. ජනතාව වෙනුවෙන්, ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන කල් මේ ආණ්ඩුව, අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.
00:15 : උසාවි, රිමාන්ඩ් භාරය, හිරගෙවල් පෙන්නුවට, අපි ඉස්සරහට තිබ්බ පය ආපස්සට ගන්න පක්ෂයක් නෙමෙයි. මේ අභියෝග හැම එකක්ම අපි ජයග්‍රහණය කරනවා, නීත්‍යානුකූලව.
00:23 : කෙඳිරි ගෑවා නේ, පොළොන්නරුවේදීත් කෙඳිරි ගෑවා, අනුරාධපුරේදීත් කෙඳිරි ගෑවා.
00:26 : අපි කෙඳිරි ගෑවේ නැහැ. කෙඳිරි ගාන එක්කෙනාව පේනවානේ. හොඳට පේනවානේ ජනතාවට, කවුද කෙඳිරි ගාන්නේ කියලා.
00:30 : අඬනවා, ඇස් දෙක වහගෙනලු ඉන්නේ! බලාගෙන කඳුළු පනියි.
00:33 : ජනතාවට වැඩියෙන් ලෝකයේ අවියක් හැදිලා නැහැ. ආණ්ඩුව කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න හැදුවොත්, ආණ්ඩුවට නිසි පාඩම මේ රටේ ජනතාව උගන්වනවා. ඒක තමයි ප්‍රතිඵලය.
00:43 : දැන් බොරු අහුවෙලා ඉවරයි. එතුමාගේ කටත් දැන් වරදිනවා කියන ඒවා.
00:47 : පොළොන්නරුවේ එකක් කියනවා, අනුරාධපුරේට ඇවිල්ලා තව එකක් කියනවා. ඒ නිසා, ඔවුන්ගේ කාලය ඉවරයි.
00:52 : දැන් ඉතින් හිරගෙවල් මෙව්වා කරලා, බේරෙන්න හදනවා පෙන්නලා. අන්තිමට බලන්න ප්‍රතිඵලය මොකක්ද කියලා!


