Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වයන් හමුවේ එම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ජංගම දුරකථනයට හදිසි අනතුරු ඇඟවීමක් ලැබුණහොත්, වහාම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, හදිසි අවස්ථාවලදී මක්කා සහ මදීනා කලාප සඳහා 911 යන දුරකථන අංකයත් අනෙකුත් ප්‍රදේශ සඳහා 998 යන දුරකථන අංකයත් අමතන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඊට අමතරව කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි සම්බන්ධතා අංකය වන 056 098 6671 ඔස්සේ ද තොරතුරු ලබාගත හැකි බවයි එමගින් දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.