Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග, ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබුණු ප්‍රදේශ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එම ප්‍රදේශයට මිලිමීටර 116.20 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයට මිලිමීටර 74.60 ක සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශයට මිලිමීටර 70 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ද වැඩිදුරටත් දැක්වෙනවා‍.

අදාළ නිවේදනය පහතින්.