Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පොලිස් නිෂ්කාශන සහතිකපත් ලබා ගැනීම සඳහා, අදාළ අයදුම්කරුවන්ට ප්‍රාදේශීය පොලිස් ස්ථාන මඟින් අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.

සිය නිෂ්කාශන පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, මාර්ගගත (Online) ක්‍රමවේද ඔස්සේ පොලිස් නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ.

එබැවින් නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම සඳහා පරිගණක පද්ධතිය යථාවත් වන තෙක් අදාළ නිවේදනයේ සඳහන් පරිදි කටයුතු කරන ලෙසයි පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.