00:00 : සාමාන්‍යයෙන් මේ දවස්වල ජනප්‍රිය බස් රූට් එකක් තියෙනවා.
00:03 : ඒ බස් රූට් එක තමයි වැලිකඩ - කොටුව උසාවිය, නිල් පාට බස් එක. ඒක තමයි මේ දවස්වල ජනප්‍රියම බස් රථ මාර්ගය.
00:09 : අපේ රටේ ධනය, බලය තිබුණු තැන්වලට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.
00:13 : ඒක නිසා ඕගොල්ලොත් කියපු දේ තමයි, "ලොක්කෝ කවදාවත් අවුලක් නැහැ, සොක්කන්ට තමයි කෙළවෙන්නේ, අපිට තමයි කෙළවෙන්නේ".
00:18 : අද මොකද වෙලා තියෙන්නේ? ලොක්කො, බොක්කො කවුරුත් අදාළ නැහැ.
00:21 : අපරාධ කරලා තියෙනවා නම් සියලු දෙනාට දඬුවම් දෙන්න පටන් අරගෙන තියෙනවා.
00:25 : ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ පළවෙනි වතාවට පවුල් පිටින් - තාත්තා ද, අම්මා ද, සීය ද, ආච්චි ද, කිරිකිත්ත ද - පවුල් පිටින් නඩු වැටිලා තියෙන්නේ.
00:34 : සතාට, ඒ කියන්නේ බල්ලට විතරයි නඩු නැත්තේ.


