ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට 119 හදිසි ඇමතුම් අංශය වෙත WhatsApp තාක්ෂණය ඔස්සේ වීඩියෝ මාර්ගයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ නව වැඩපිළිවෙළක් සැප්තැම්බර් 10 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා.
160 වන පොලිස් දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය යටතේ, ස්ථිර කෙටි අංකයක් හඳුන්වාදෙන තෙක් පහත සඳහන් පියවර ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
* 011-2809980 යන දුරකථන අංකය ජංගම දුරකථනයේ සුරක්ෂිත (Save) කරගැනීම.
* WhatsApp හරහා එම අංකයට හඬ ඇමතුමක් (Audio Call) ලබාදීම.
* එවිට එම ඇමතුම ස්වයංක්‍රීයව විසන්ධි වී, අදාළ දුරකථනයට විශේෂ සබැඳියක් (Link) ලැබෙනු ඇත.
* එම සබැඳිය හරහා පිවිස එහි දිස්වන "Join Browser" යන්න මත click කර, "Join Meeting" තේරීම.
* ඉන්පසු සම්බන්ධ වන වීඩියෝ ඇමතුම ඔස්සේ පැමිණිල්ල ඉදිරිපත් කිරීම.
ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් මෙම සේවාව ස්ථාපිත කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
අදාළ නිවේදනය පහතින්.



