ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ ශ්‍රී ලංකා නිල සංචාරය හේතුවෙන් අද (08) සිට 10 වැනිදා දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
අදාළ කාලසීමාව තුළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ගමන් ගන්නා මාර්ගවල අවස්ථානුකූලව සහ කඩින් කඩ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම මාර්ග සීමා කිරීම් හේතුවෙන් සිදු වන අපහසුතා මඟහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, පොලීසියට සහාය දක්වන ලෙසත් කොළඹ රථවාහන කොට්ඨාසය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ රථවාහන සැලැස්ම පහතින් දැක්වේ.




