Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දේශීය වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන විවිධ වර්ගයේ ටින් කළ මාළු (Canned Fish) සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 20 (5) වැනි වගන්තියට අනුව, එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නියෝගය අද (05) දින සිට බල පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙම නියෝගයට අනුව කිසිදු දේශීය නිෂ්පාදකයෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් නියමිත උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අදාළ ටින් මාළු අලෙවි කිරීම, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බව දැක්වෙනවා.

අලුතින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් පහතින්.