අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත හෙළීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 4,365 ක් බවයි සඳහන් වන්නේ.
එසේම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750 ක් ලෙස සටහන් වෙනවා.
කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 815 ක් දක්වා පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



