Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරන්නේ, මේ මස 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට රට පුරා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට ද හිමි විය යුතු බවයි අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ: