Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : නාමල් මහත්තයා තමයි දන්නේ කොයි කාලේ ඇතුළට යන්න වෙයිද කියලා. මොකද නාමල් මහත්තයා කරපුවා ඔක්කොම අපි දන්නෙත් නැහැ හරියට.

00:04 : උසාවියට නඩු ගොනු කරලා තියෙනවා යම්කිසි ප්‍රමාණයක්. අන්න ඒ ටික ගැන හිතලා, 12 ට කලින් යන්න වෙනවාද -

00:10 : ඒ කියන්නේ අපි නොදන්න, උසාවිය නොදන්න දේවලුත් මොකක් හරි මොනවා හරි මාට්ටු වෙයිද කියලා යන්න වෙනවාද කියන එක අපි දන්නේ නැහැ.

00:14 : මේ ගැටගැහිලා තියෙන ජාලෙත් එක්ක බලපුවාම, අපි හිතුවේ නැහැනේ අකිල විරාජ් හිටපු ඇමතිතුමාට ඔහොම දෙයක් වෙයි කියලා.

00:19 : කොහෙවත් යන ඒවා ඇදී ඇදී එනවා දැන්. ජාලය ලෙහාගෙන යනකොට, ඒ සම්බන්ධතා එළියට එනකොට, අපි එළියෙ කතා කරපු ප්‍රසිද්ධ දූෂණ දේවල්වලට අමතරව ගොඩාක් එළියට එනවා.

00:28 : ඒ කරපු මිනිස්සු දන්නවා කොච්චර දේවල් කරලා තියෙනවාද කියන එක. අන්න ඒක තමයි කලබල වෙලා තියෙන්නේ.

00:32 : ඔය කියන සමහර නම් අපි එළියෙ ප්‍රසිද්ධියේ වේදිකාවල ඡන්දෙට කලින් කියපු නම් නෙවෙයිනේ. ඒ නම් අපි කිව්වෙත් නැහැ. ඒ දූෂණ අපි කිව්වෙත් නැහැ. අපි දන්නෙත් නැහැ, දැනගෙන හිටියෙත් නැහැ.

00:39 : හැබැයි, ඒවා මේ විමර්ශන කටයුතුත් එක්ක එළියට එනවා. එතකොට පොඩි පොඩි ඒවා ටක් ටක් ගාලා අහුවෙනවා. ටක් ටක් ගාලා ඒවට දඬුවම් ලැබෙනවා. ඒකයි වෙලා තියෙන්නේ.

00:46 : ඉතින් ඒක තමයි නාමල් රාජපක්ෂ මහත්තයා කලබල වෙලා ඇත්තේ, 12 ට කලින් යන්න වෙනවා ද, පස්සේ යන්න වෙනවා ද කියලා.

00:51 : ඉතින් ඒක අපි දන්නේ නැහැ. අපිට වඩා හොඳටම දන්නේ එතුමා තමයි.