අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දී තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙසද ඇය කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිශ්චයකාර ධුරයක් වෙනුවෙන් අදාළ පත්වීම සිදුකර තිබෙනවා.
එම නිවේදනය පහතින්.



