2027 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හෙට (01) සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, බලපත්‍ර හිමි සියලුම පුද්ගලයින් සහ ආයතන 2026 දෙසැම්බර් 31 වන දිනට පෙර සිය ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි සඳහන් වන්නේ.
තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අදාළ නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.
2026.09.01 දින සිට 2026.12.31 දක්වා කාලය තුළ ලියාපදිංචිය අලුත් නොකරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත්, එමඟින් සිදු වන අපහසුතාවලින් වැළකීම සඳහා නියමිත කාලසීමාව තුළ අදාළ අලුත් කිරීම් සිදු කර ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.



