Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

නේපාලයට බලපෑ හදිසි ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය ලබා දීමට තීරණය කර ඇති අතර, එමඟින් විපතට පත් ජනතාව සඳහා හදිසි සහන හා මානුෂීය ආධාර සැපයීමට අපේක්ෂා කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ එකට සිටින බවයි.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින්, ශ්‍රී ලංකාවේ ශෝකය, සහයෝගය සහ සහෝදරත්වය පළ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.