Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් (Feed-in Tariffs) ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, අදාළ කොමිෂන් සභාව විසින් පනවන ලද කොන්දේසිවලට යටත්ව මෙම පෝෂක ගාස්තු හෙට (25) දින සිට බලාත්මක වන අතර, පෝෂක අය ක්‍රමයට අදාළ ක්‍රමවේදය සහ මිල ගණන් ද තීරණය කර ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

විදුලි ජනනයේ ස්වභාවය මත කාණ්ඩ 03 ක් යටතේ නව පෝෂක අය ක්‍රමය ප්‍රකාශයට පත් කර ඇති අතර, එම කාණ්ඩ වනුයේ පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා පෝෂක අය ක්‍රමය, විදුලි නිෂ්පාරිභෝගිකයින් සඳහා පෝෂක අය ක්‍රමය, බැටරි ගබඩා පද්ධති සහිත පුනර්ජනනීය බලාගාර සඳහා පෝෂක ගාස්තු ක්‍රමය යනාදිය වන බවයි එහි සඳහන් වෙන්නේ.

අදාළ ගාස්තු පහතින්.