අද සිට එළඹෙන 23 දක්වා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් උපදෙස් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අද සිට එළඹෙන 23 දක්වා ජාතික ශෝක දිනයන් ලෙස රජය විසින් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.



