Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (19) රාත්‍රී රැස්වූ සිය සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවත්, ඊට අමතරව හෙට (21) දිනයේදී දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ද තීරණය කර ඇති බවත් එම සංගමය සඳහන් කර සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.