Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.

ඒ අනුව හෙට (14) පැවැත්වීමට නියමිත විභාගය කිසිදු බාධාවකින් තොරව සැලසුම් කළ පරිදිම පැවැත්වෙන බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ.

මෙම ව්‍යාජ වාර්තාවලින් කලබලයට පත් නොවී, නියමිත කාලසටහනට අනුව අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ විභාගයට පෙනී සිටින ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ වැඩිදුරටත් විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

විභාග කොමසාරිස් ජනරාල් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය ‘එසැණ’ Youtube නාලිකාව හරහා මෙතැනින් නරඹන්න.


එසැණ YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න.