විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය ජනාධිපතිගේ හෝ රජයේ තනි තීරණයක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසනවා.
ඒ අනුව, මෙය නීතිය හා සාමය වෙනුවෙන් යහපත් බලාපොරොත්තු සහිතව කටයුතු කරන සමස්ත පුරවැසියන්ගේම බලාපොරොත්තුවක් බවයි ජන හමුවක් අමතමින් එම මන්ත්‍රීවරිය සඳහන් කර සිටියේ.
මේ සංශෝධනයන් මගින් රජය සහ පුරවැසියන් බලාපොරොත්තු වන හොඳ දේවල් සහ අහිතකර බලපෑම් ඇත්නම් ලැයිස්තුගත කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, එවිට මෙම සංශෝධනය අවශ්‍ය ද, නැද්ද යන්න සම්බන්ධයෙන් ජනතාවටම තේරුම් ගත හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



