ජනමත විචාරණයක ඇති නෛතික අවශ්‍යතාව පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරමින් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අනුව, රජය විසින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වන වගන්තිය සඳහා වන සංශෝධන මගින් අපේක්ෂිත මූලික වෙනස්කම් පිළිබඳව ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XIII වන පරිච්ඡේදයේ විධිවිධානවලට අනුව ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති අප ජනතාවගේ පරමාධිපත්‍යය, මෙම කරුණ තීරණය කිරීමේ බලය ඔවුන්ගෙන් පැහැර ගැනීම මගින් පිළිගත නොහැකි ලෙස උල්ලංඝනය වන බවත්, මේ බලය අත්හළ නොහැකි ලෙස හිමිවන්නේ ජනතාවට පමණක් බව ද ඔවුන් එහි සඳහන් කර තිබෙනවා.
එබැවින් මෙම විෂය ඉදිරියට ගෙන යාම සඳහා වන එකම නීත්‍යානුකූල මාර්ගය ලෙස ජනමත විචාරණයක් පවත්වන ලෙසට අවධාරණය කරන බවයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
අදාළ ලිපිය පහතින්.








