Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රජය ඉදිරිපත් කර ඇති විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය, රටේ ජනතාව, නීතිඥයන් හෝ විනිසුරුවරුන් විසින් ඉල්ලා සිටි කාරණයක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

ඒ අනුව, රටේ ජනතාව හෝ රට හෝ අමාරුවේ නොදමන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත්, මෙය ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තරය ඉදිරියේ රටක් ලෙස අපහසුතාවයට පත්වීමට සිදුවන බවයි අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුවට බලය නොමැති වූ දිනකදී, එයින් පසුව බලය ලබා ගන්නා අයත් ඒකාධිපති ආකාරයෙන් කටයුතු කිරීමට ගියහොත් අත්වන ඉරණම සිතා බැලීමට ද ආණ්ඩුවට සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.