Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදී නීති විද්වතුන් විසින් කරුණු ඉදිරිපත් කළ ද, මෙහි බිය වීමට හේතුවක් නොමැති බවට ජනාධිපතිවරයා සඳහන් කර සිටි බවත්, නමුත් කිසිදු වැදගත් කරුණකට එහිදී නිසි පිළිතුරු ලබා නොදුන් බවත් ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

ඒ අනුව, මෙම සංශෝධනය පුද්ගලයෙක් ඉලක්ක නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සඳහන් කළ ද, ඔහු මෙය සිදු කරන්නේ පුද්ගලයෙක් ඉලක්ක කරගෙන බවට පැහැදිලි වී ඇති බවයි අද (13) මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.

එළඹෙන දෙසැම්බර් මාසයේදී විශ්‍රාම යාමට නියමිත අග්‍ර විනිශ්චයකාරවරයා වෙනුවෙන් මෙම සංශෝධනය හදිසියේ ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ කරන බවත්, මෙම සංශෝධනය හරහා පළමුවෙන්ම වරප්‍රසාද ලබන්නේ වත්මන් අගවිනිසුරුවරයා බවත් ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරයා විපක්ෂයේ සිටියදී අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි බවත්, එසේ තිබියදී වර්තමානයේ මෙවැනි හදිසි තීරණ ගැනීම "ඉතා කැත" ක්‍රියාවක් ලෙස පෙනෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.