මේ අවස්ථාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවට සඳහන් කරන්නේ ආණ්ඩු පාර්ශ්වය පමණක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය පවසනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මහානායක හිමිවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, විනිසුරුවරුන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් මෙම සංශෝධනයට සිය විරෝධය පළ කර ඇති බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.
ඊයේ (12) දිනයේ ජනාධිපති සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාවකට නොපැමිණි බව ද, එහෙත් මෙම සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙසට එහිදී ඉල්ලීමක් ඉදිරිපත් කළ බව ද ඔහු සඳහන් කර සිටියා.
මෙම සංශෝධනය රට වෙනුවෙන් කරනවා නම්, හදිසි කලබලය පසෙකින් තබා රට වෙනුවෙන් හොඳ තීරණයකට පැමිණිය යුතු බවත්, මෙය රටට සුබදායක නොවන බව නීතිඥ සංගමය ලෙස තමන් සඳහන් කර සිටින බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මෙයින් සැකයක් මතු කරන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති සියල්ලම ආණ්ඩුව විසින් ඒකපාර්ශ්විකව සිදු කර ඇති බවත්, නමුත් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තක් ද ඇති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



