කිසිසේත්ම තමාගේ විධායක බලය හෝ සාමාන්‍යයෙන් තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත කිරීමට කටයුතු කර නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා ජනාධිපති අතර පැවති සාකච්ඡාවේදී ඔහු අවධාරණය කළේ, අවදානමකින් තොරව වෙනසක් සිදු නොවන බවත්, මෙම වෙනස සිදු කිරීම සඳහා වන වගකීම තමන් භාර ගැනීමට සූදානම් බවයි.
අධිකරණ පද්ධතියේ සිදු කරන වෙනසක් ඕනෑම අයෙකුට වරප්‍රසාදයක් ලෙස අර්ථකථනය කළ හැකි බව ද, මෙම සිදු කරන සංශෝධනය තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කර නොගත් සංශෝධනයක් ලෙස සිදු කිරීමට තමා උපරිමයෙන් උත්සාහ ගත් බව ද ජනාධිපති සඳහන් කළා.
මේ හේතුවෙන්, මෙය තමන් සලකන්නේ වරප්‍රසාදයක් නොව, අධිකරණයේ දැනට පවතින තත්ත්වය ඉහළ ගොස් අධිකරණ පද්ධතියේම තිබෙන තත්ත්වය උසස් තත්ත්වයකට පරිවර්තනය කිරීමක් ලෙස බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේ.
එසේම නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල ඇති නිලධාරී හිඟය සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමට හා මෙරට අධිකරණ සංඛ්‍යාව හා විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ද වැඩි කිරීමට පියවර ගෙන ඇති බවද, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම මුළු ක්‍රියාවලියක එක් කොටසක් පමණක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
අධිකරණ පද්ධතියේ වෙනසක් අවශ්‍ය බවත්, එහි කොටසක් ලෙස මෙම කාර්යය සිදු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් එම හමුවේදී ප්‍රකාශ කර සිටියේ.
ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය ‘එසැණ’ Youtube නාලිකාව හරහා මෙතැනින් පිවිසෙන්න.
එසැණ YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න.



