මේ වසරේ දී එල්නිනෝ තත්ත්වයේ උපරිම බලපෑමක් තවමත් දැක ගැනීමට නොලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අගෝස්තු මාසයත් සමඟ එහි වර්ධනය නිරීක්ෂණය කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ.
කෙසේ නමුත්, නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වන විට මෙම එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට වර්ධනය වීමට 80%කට වඩා වැඩි සම්භාවිතාවක් ඇති අතර, එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් මාසය දක්වාම පවතිනු ඇති බව ද ඔහු පවසා සිටියා.
මේ අතර, මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ ගොස් ඇති බවත්, විශේෂයෙන්ම නැගෙනහිර පළාතේත්, මොනරාගල සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
එළිමහනේ ගැවසෙන්නේ නම් සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත්, විටින් විට විවේක ගැනීම සහ හැකිතාක් ජලය පානය කිරීම හා රෝගී පුද්ගලයන් සහ වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


