Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

සංවිධානාත්මක අපරාධකරුවකු වන 'බැකෝ සමන්' නමැත්තාගේ මවට වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව ඌරුබොක්ක - මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ බෝක්කුවක් අසල වූ තේ ඉඩමකට දමා ගොස් තිබියදී මෙය සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මිද්දෙණිය පොලිස් වසමේ උලහිටියාව ප්‍රදේශයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ (12) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබූ අතර, ඉන් තුවාල ලැබූ 'බැකෝ සමන්' නමැත්තාගේ මව මිද්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ.