2026 වසරේ ජූලි මාසය සඳහා වන එකතු කළ අගය මත බද්ද (VAT) අගෝස්තු 20 වන දිනට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා දඩ නියම කරන බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටින්නේ.
එමෙන්ම, ජූලි මාසය සඳහා වන වැට් වාර්තා භාරදීම අගෝස්තු මස 31 වන දින හෝ එදිනට පෙර සිදු කළ යුතු අතර, එම වාර්තා මාර්ගගත ක්‍රමය මගින් භාර දිය යුතු බවද සඳහන් කර තිබෙනවා.
එසේම, රඳවාගත් බදු අගෝස්තු මස 15 වන දිනට හෝ ඊට පෙර ගෙවීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම, ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අගෝස්තු 20 වන දිනට හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



