Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම හට එම කටයුතු සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගත් ඔහුගේ ඉන්ධනහලේ සේවකයෙකු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.