ජනාධිපති අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාව ඉදිරියට ගොස් හොඳ අතකට හැරෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව එහි සභාපති රජිව් අමරසූරිය පවසනවා.
ඒ අනුව, අද (12) පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සිය ස්ථාවරය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවත්, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද මේ සම්බන්ධයෙන් දරන අදහස ඉදිරිපත් කළ බවත් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
මෙවැනි වෙනස්කමක් සිදු කරනවා නම් පුළුල් විද්වත් සාකච්ඡාවකින් අනතුරුව සිදු විය යුතු බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පමණක් නොව, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්, නීතිය ගැන පර්යේෂණ පැවැත්වූ පුද්ගලයන්, වාර්තා සකස් කළ පුද්ගලයන් ඇතුළු සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර, නිවැරදි තැනකට පැමිණිය හැකි බවට බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා සඳහන් කළේ.
අද දිනයේ හොඳ සාකච්ඡාවක් පැවති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම යනු ආණ්ඩුව සතු බලයක් බවත්, නමුත් එහි වැරදි ප්‍රකාශ කිරීම සිය අයිතියක් වන බවත්, මෙය හොඳ අතකට හැරෙනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.



