Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වත්මන් රජය බලයට පැමිණියේ අසීමිතව බොරු ප්‍රකාශ කරමින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔවුන් ප්‍රකාශ කළ බොරු අනුව, තමාගේ ගිණුම්වල ඇතැයි කියූ ඩොලර් බිලියන 18 ගෙනැවිත් රටේ ඩොලර් ගැටලුව විසඳිය යුතු බවත්, පිටරටවල ඇතැයි කී දේපළ පවරාගෙන ගොවි මහතුන් හට පොහොර ලබාදිය යුතු බවයි ගොවි හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එසේම, ඔවුන් ප්‍රකාශ කළ පරිදි ‘තමන්ගේ රත්රන් අශ්වයන්’ ගෙනැවිත් කුඹුරක් සී සෑම හෝ සිදු කළ යුතු බව ඔහු පවසා සිටියා.

මෙවැනි බොරු ප්‍රකාශ කරමින් ඔවුන් ජන මනස වෙනස් කිරීමට කටයුතු කළ බවද, ඒවාට පිළිතුරු ලබා නොදීම තමන් අතින් වූ වරදක් බවද එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ වන විට ජනතාව මේවා තේරුම් ගෙන ඇති බවත්, තමන් ද තමන් අතින් වූ වැරදි අඩුපාඩු තේරුම් ගෙන ඇති බවත්, එම සියල්ලම එකතු කර, පක්ෂයෙන් ඈත් වූ ‘බිඳිච්ච, රිදිච්ච හිත් සන්සුන් කර’ ඔවුන් දිනා ගැනීමට හැකියාවක් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.