Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙමින්, නඩු විමර්ශන සිදුවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, මහාධිකරණ ප්‍රමාණය වැඩි කිරීම, මහේස්ත්‍රාත්වරුන් හා නිලධාරීන් බඳවා ගැනීම, රස පරීක්ෂක හා බන්ධනාගාර පහසුකම් දියුණු කිරීම මගින් අධිකරණ පද්ධතියේ නඩු ඇසීමේ වේගය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

විමර්ශනවලට භාජනය වන පිරිස් කලබලයට පත්ව මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ කරන බව ද, අඩපණ වී තිබූ අල්ලස් හා දූෂණ නඩු නැවත ආරම්භ වීමත් සමඟ ඔවුන් බියට පත්ව ඇති බව ද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වසර දෙකක් ඇතුළත රට බලාපොරොත්තු තැබිය හැකි තැනකට ගෙනවිත් ඇති බවත්, සතුරාගේ කලබලයෙන් මෙන්ම ජනතාවගේ කැමැත්තෙන් හා ආදරයෙන් පෙන්නුම් කරන්නේ ද එම ප්‍රගතිය බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.