Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මහනායක හිමිවරුන් විසින් ජනාධිපති හට හෝ රාජ්‍ය පාලකයන් හට ලිපියක් යොමුකළ විට, මීට පෙරදී නම් එම ලිපිය ලද බවට පිළිතුරක් එවන බව මල්වතු මහවිහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා.

ඒ අනුව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැටලුව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ මතය සඳහන් කර යැවූ ලිපියට මේ දක්වා පිළිතුරක් හෝ ලිපිය ලද බවට දැනුම් දීමක් හෝ සිදුකර නොමැති බවයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද (12) මහනුවර පැමිණ මල්වතු මහනාහිමියන් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ.

ජනාධිපති වෙත යොමුකළ ලිපිය තුළ සඳහන් වන්නේ තමන්ගේ තනි අදහස නොවන බවද, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මල්වතු මහවිහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.