Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ මතය දක්වමින් ජනාධිපතිට යොමුකළ ලිපිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙසට ත්‍රෛනිකායික මහ නාහිමිවරු විසින් එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අනාවරණය කර සිටියේ.

වර්තමානය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම දිවියට එළඹීමේ වයස පිළිවෙළින් අවුරුදු 63 හා 65 ලෙස දක්වා ඇති බවද, එම වයස් සීමාව ඉහළ නැංවීමට රජය මේ ආකාරයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බවට මහනායක හිමිවරුන් එම ලිපිය මඟින් සඳහන් කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

නොපැනවූ නීති පැනවීම තුළින් සමාජ නොසන්සුන්තාවයක් හා රාජ්‍ය ස්ථාවරත්වය පිළිබඳව සෘණාත්මක බලපෑමක් සිදු වන්නේ නම්, එවැනි ක්‍රියා කලාපයෙන් ඈත්ව මහජන විශ්වාසය රාජ්‍ය කෙරෙහි තහවුරු කරන ආකාරයෙන් කටයුතු කිරීම රාජ්‍ය නායකයාගේ වගකීම බවත්, මේ වන විට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මහජන ප්‍රසාදයක් පවතින පසුබිමක එවැනි සංශෝධනයක් ගෙන ඒම රජය පිළිබඳව සෘණාත්මක අදහස් ප්‍රවර්ධනය කිරීමට හේතු විය හැකි අතර, ගරු විනිශ්චයකාරවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව ද ප්‍රශ්නාර්ථයක් ඇති කිරීමට ද හේතු විය හැකි බවයි එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.

මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය පිළිබඳ වීඩියෝව ‘එසැණ’ Youtube නාලිකාව හරහා මෙතැනින් නරඹන්න.


එසැණ YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න.