Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව, සැකකාර සුගීශ්වර බණ්ඩාර ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.