විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත පනතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් පවසනවා.
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් විසින් අද (12) පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්, ගොඩගැසී ඇති නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් මේ තුළින් නොලැබෙන බවට සඳහන් කරන බවයි හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
අදාළ සම්පූර්ණ ප්‍රකාශය ‘එසැණ’ Youtube නාලිකාව හරහා මෙතැනින් නරඹන්න.
එසැණ YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න.



