Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මෙම වසරේදී තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, උද්ධමනය පාලනය කරමින්, ආර්ථික වර්ධනයට බාධාවක් නොවන ලෙසට මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම අරමුණ වන බවයි රොයිටර් පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

ඉරාන යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා පසුගිය මැයි මාසයේදී මහ බැංකුව විසින් පදනම් ඒකක 100කින් පොලී අනුපාත ඉහළ නැංවූ අතර, එය වසර තුනකට වැඩි කාලයකින් පසුව සිදුකළ පළමු පොලී අනුපාත ඉහළ නැංවීම ලෙස වාර්තා වුණා.

එසේ තීරණය කළේ, උද්ධමනය 7% ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ බැවින් ගත් “පූර්ව ක්‍රියාමාර්ගයක්” ලෙසින් බවත්, අඩු උද්ධමනය අනාගත ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මේ දක්වා උද්ධමනය අපේක්ෂිත මට්ටම්වලට අනුකූලව පවතින බැවින්, මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට හෝ ලිහිල් කිරීමට අවශ්‍යතාවක් පෙනී නොයන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

එසේම, මේ වසරේ ආර්ථික වර්ධනය 4% - 5% අතර පරාසයක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ‍.