විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකාරයකූ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ගගන' නමැති අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා, මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව, හෝමාගම ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගයේ සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී සිදුකළ පරීක්ෂාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 800 ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්.
විදේශගතව සැඟවී සිටින 'ගගන' නැමති අයගේ සෘජු උපදෙස් මත මෙම සැකකරු විසින් මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ඉතා රහසිගතව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති තිබෙනවා.



