Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සංශෝධනය ඉදිරියට ගෙන නොයා යුතු බවට ඉදිරිපත් කර ඇති සියලු විරෝධතා සහ කරුණු නොතකා රජය තවදුරටත් එය ඉදිරියට ගෙන යාමට තීරණය කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ සුවිශේෂී සංවේදී කරුණු සැලකිල්ලට ගනිමින්, එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකදී ජනතාව විසින් තීරණය කරනු පිණිස කැබිනට් මණ්ඩලය විසින් සෘජුවම ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරන්නේ.

එමගින්, මෙම කරුණ සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවන තත්ත්වයෙන් එය ආරක්ෂා කර ගත හැකි බවයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අධිකරණයේ ස්වාධීනත්වය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති විශේෂ ආරක්ෂාව හේතුවෙන්, උසස් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වෙනස් කිරීමක් සඳහා ජනතාවගේ පරමාධිපත්‍යය සහ ජනතාව සතු අධිකරණ බලයේ අවසාන භාරකරුවන් වන ජනතාව විසින්ම සෘජුවම අනුමැතිය ලබා දිය යුතු බවද එමගින් සඳහන් කර තිබෙනවා.

අර්ථවත් උපදේශන ක්‍රියාවලියක් නොමැති වීමත්, මෙම යෝජනාව අසාමාන්‍ය ලෙස කඩිනමින් ඉදිරියට ගෙන යාමත් මහජන විශ්වාසය බරපතළ ලෙස හීන කරන අතර, මෙය අනාගත රජයයන් විසින් අධිකරණයේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීනත්වය තම අභිමනය පරිදි හැසිරවීමට උත්සාහ කළ හැකි භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.