Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක හට ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, එහි තිබෙන කරුණු සැලකිල්ලට ගනිමින්, 22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර තමන් සහ අධිකරණ අමාත්‍යවරයා විසින් මහා නාහිමිවරුන් හමුවී කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ බවයි අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.