විපක්ෂය විසින් අධිකරණය සහ අගවිනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ විමර්ශන, නඩු පැවරීම් සහ තීන්දු ලබාදීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව, මෙහි ප්‍රධාන අරමුණ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ අවිශ්වාසයක් ගොඩනැඟීම බවයි අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
රටේ නීතිය, යුක්තිය පසඳලීම සඳහා විමර්ශන කරන නිලධාරීන්, විමර්ශන කරන ආයතන, නඩු පවරන ආයතන සහ ඒ නඩුවලට තීන්දුව ලබාදෙන ආයතන සහ විනිශ්චයකාරවරුන් යන අය ඔවුන් විසින් ඉලක්ක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

