විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ නඩුව වත්මන් විනිසුරුවරුන්ට ඇසිය නොහැකි බවට විපක්ෂය ගෙන එන තර්කය සඳහා අද (11) ආණ්ඩුව විසින් ප්‍රතිචාර දක්වා සිටියා.
ඒ අනුව, එම නඩුව ඇසිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අධිකරණ විනිසුරුවරුන් නොවේ නම්, ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ජයවීර විසින් දැයි විමසා සිටින බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
එසේම ව්‍යවස්ථා සංශෝධනයකට අදාළ කරන ක්‍රමවේදයේදී, පවතින ක්‍රමවේදයෙන් පරිබාහිරව වෙන කණ්ඩායමක් අධිකරණයේ වාඩි වී නඩු ඇසිය හැකිදැයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටි අතර, එම ගැටලුව ඉදිරිපත් කළ මාධ්‍යවේදියා හා අමාත්‍යවරයා අතර එහිදී උණුසුම් විවාදයක් ද ඇති වුණා.
අදාළ සම්පූර්ණ ප්‍රකාශය ‘එසැණ’ Youtube නාලිකාව හරහා මෙතැනින් නරඹන්න.
එසැණ YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න.

