Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වත්මන් ආණ්ඩුව ‘ගෙදර යැවීමේ’ මූලික පියවර සැප්තැම්බර් මාසයේදී 'පෙරමඟ චාරිකා' වැඩසටහන හරහා ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

වත්මන් ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන බවත්, නමුත් මෙතෙක් ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඔවුන් අසමත් වී ඇති බවයි අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අලුතින් පත් වූ ආණ්ඩුවක මධුසමය වන්නේ පළමු අවුරුදු දෙක වන අතර, එය අවසන් වූ පසු, ඉන් අනතුරුව ආරම්භ වන්නේ ආණ්ඩුවේ කාලය අවසන් වන යුගය බව ද ඔහු සඳහන් කළා.

'පෙරමඟ චාරිකා' නම් වැඩසටහනක් හරහා ජනතාව දැනුවත් කිරීමටත්, ඒ හරහා දස ලක්ෂයක් සාමාජිකයන් සමගි ජන බලවේගයට එක් කර ගැනීමටත් සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

අදාළ සම්පූර්ණ ප්‍රකාශය ‘එසැණ’ Youtube නාලිකාව හරහා මෙතැනින් නරඹන්න.


එසැණ YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න.