Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මත්ද්‍රව්‍ය සඳහා යොමු වූ නියෝගලාභීන් වෙනුවෙන් විශෝධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 635 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත යටතේ සංචාරක අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විසින් සුළු වරදකරුවන් වෙත ප්‍රජා පාදක විශෝධන ආඥා නියෝග ලබා දෙන අතර, ඒ අතරින් බහුතරයක් මත්ද්‍රව්‍ය හෝ මද්‍යසාර සම්බන්ධයෙන් වරදකරුවන් වන බවත්, ඔවුන් ඉන් මුදවා යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා විශේෂ අවධානය යොමු කර සාමාජීය හා ආර්ථික වශයෙන් නගා සිටුවීම පිණිස ප්‍රජා පාදක විශෝධන ක්‍රියාවලියට යොමු කරන බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත්, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සතුව අධික ලෙස මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී වරදකරුවන් වූ පුද්ගලයන් සඳහා නේවාසික ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සුදුසු නේවාසික මධ්‍යස්ථාන ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති අතර, එම දෙපාර්තමේන්තුව සතුව කිසිදු නේවාසික / අනේවාසික විශෝධන මධ්‍යස්ථානයක් ද නොපවතින බව සඳහන්.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන, කැකිරාව ප්‍රදේශයේ හඳුනා ගනු ලැබ ඇති හෙක්ටයාර 1.33 ක භූමියක මෙම මත්ද්‍රව්‍ය සඳහා යොමු වූ නියෝගලාභීන් වෙනුවෙන් විශෝධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.