ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පෞද්ගලික) සමාගමට මෙම වර්ෂය තුළදී වෙත රුපියල් මිලියන 800 ක් සහ 2027 වසරේ සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 267.5 ක් වශයෙන් හිමිකම් ප්‍රාග්ධනය සලසා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙට්‍රෝ සමාගම විසින් පත්ල පහත් බස් රථ 10 ක් යොදා ගනිමින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, එම නියමු මෙහෙයුමේ ප්‍රගතිය මෙම සේවාවේ වාණිජමය ශක්‍යතාව පෙන්නුම් කර ඇති අතර, මහජන පිළිගැනීමක් ද ලබා ගෙන ඇති බවයි දැක්වෙන්නේ.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මාසයේදී තවත් පත්ල පහත් බස් රථ 112 ක් සේවයේ යෙදවීමට රජය සැලසුම් කර තිබෙනවා.
අදාළ මෙහෙයුම් කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා ඒකල ප්‍රදේශයේ අංග සම්පූර්ණ මධ්‍යම වැඩපොළක් ඉදිකිරීම, තලංගම, කඩවත, රත්මලාන හා හෝමාගම යන ස්ථානයන් හි නවීන බස් ඩිපෝ ඉදිකිරීම, අභ්‍යන්තර මාර්ග හා බස් නැවතුම් අංගන සංවර්ධනය කිරීම ආදී යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
එම යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පෞද්ගලික) සමාගම වෙත හිමිකම් ප්‍රාග්ධනය සලසා දීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.



