Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, රජය මඟින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින්, වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පසුගිය මස 22 වැනිදා පැවැත්වූ 34 වන ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී නිර්දේශ කර ඇති බවයි සඳහන් වන්නේ.

වී අලෙවි මණ්ඩලය සතු වී තොගයෙන් වී මෙට්‍රික් ටොන් 30,000 ක් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කිරීමට සහ, එලෙස සහල් බවට පත් කර කිලෝග්‍රෑම් 05, කිලෝග්‍රෑම් 10, කිලෝග්‍රෑම් 25 සහ කිලෝග්‍රෑම් 50 ඇසුරුම් ලෙස සැපයීම සඳහා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින්, වී අලෙවි මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් වෙතින් අභිලාෂ කැඳවීමට පියවර ගැනීමට යෝජිතයි.

මීට අමතරව, 2025 දෙසැම්බර් 15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, වී අලෙවි මණ්ඩලය, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, සීමාසහිත ලංකා සතොස, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විතව මිල කමිටුවක් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම මිල කමිටුව විසින් වී, සහල් බවට පරිවර්තන අනුපාතය සහ සහල් සඳහා සුදුසු මිල තීරණය කිරීමටත්, ඉහත පරිදි නිෂ්පාදනය කරනු ලබන සහල් සීමාසහිත ලංකා සතොස, සමුපකාර ජාලය සහ පෞද්ගලික පාර්ශ්වයන් මඟින් වෙළෙඳපොළට නිකුත් කිරීමත් යන පියවර සඳහා මෙසේ අනුමැතිය ලබා දී තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.