Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

මරණ දණ්ඩනයෙන් මානව ගරුත්වය උල්ලංඝනය වන බවත්, සාන්ත සභා ඉගැන්වීම තුළ කිසිදු මරණීය දණ්ඩනයක් පැනවීම සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි බවයි කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි තමන් පූර්ණ විශ්වාසය තබන බවත්, එහි තීරණවලට හෝ සාකච්ඡාවලට හෝ කිසිදු ආකාරයකින් මැදිහත් වීමට අදහස් නොකරන බවත් එම නිවේදනය මඟින් සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් සහ සියලු පාර්ශවයන් හෙළි කර ගැනීම සහ රටේ නීතියට අනුව වින්දිතයන් හට යුක්තිය ඉටු කර දීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම කොළඹ අගරදගුරු පදවියේ දැඩි අපේක්ෂාව බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.